එක යායේ කකා වැටී ( Eka Yaye Kaka Weti ) - සුනිල් එදිරිසිංහ ( Sunil Edirisinghe ) , එඩ්වඩ් ජයකොඩි ( Edward Jayakody ) , බන්දුල විජේවීර ( Bandula Wijeweera )
එක යායේ කකා වැටී -මංගල තෑග්ග චිත්‍රපටියෙන්
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
ගෙට
ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
වළට
වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතකි
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
youtube එකේ බලන්න

Comments
Post a Comment