අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක ( Awasan Husma Gilihen ) - ක්‍රිෂාන්ත එරන්දක ( Krishantha Erandaka )

 අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක.....





ශ්‍රව්‍ය ගීතයට සවන් දෙන්න





අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැති දාක මේ ජීවන මග යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

 

මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹදැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
නුඹ මත ඇදෙන
නුඹෙ පෙම්වත් බව අරුම

 

පැතුවත් තනිව නික්මෙන්නට...
නුඹට පෙර
මම නැතිදාක නපුරක් නුඹ හට වේද
තුන් සිත දැවී අළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

 

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැති දාක මේ ජීවන මග යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න


ක්‍රිෂාන්ත එරන්දක යනු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී බලපෑමක් කළ දක්ෂ ශ්‍රී ලාංකික ගායකයෙකි. ඔහුගේ මධුර කටහඬින් සහ බහුවිධ ගායන විලාසයෙන් එරන්දක කැපවූ රසික පිරිසක් දිනාගෙන ඇති අතර ඔහුගේ සංගීත ප්‍රවීණත්වය වෙනුවෙන් පිළිගැනීමක් ද ලබා ඇත. ක්‍රිෂාන්ත එරන්දක සිය ශිල්පය සඳහා වූ ඔහු දක්වන කැපවීම ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ගෞරවනීය හා ප්‍රශංසනීය චරිතයක් ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කර ඇත.


YouTube හි නරඹන්න




 

Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw