ගිමන් හරින දියඹ දිගේ ( Giman Harin Diyamba Dige ) - ඩබ්ලිව් ඩී අමරදේව ( W.D Amaradewa )

 ගිමන් හරින දියඹ දිගේ


ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු 
නෙත් දැහැනේ ගලා හැලුණු 
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ 
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණු 
මල් බර මුදු සුව රැඳවුණු 
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ 
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

ගිමන් හරින දියඹ දිගේ 
සුසුම් හෙලන වෙරළ ඉමේ 
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා 
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා


youtube එකෙන් බලන්න




Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw