කඳුල ඉතින් සමා වෙයන් ( Kadula Itin Samaweyan ) - කීර්ති පැස්කුවෙල් ( Keerthi Pasquel )
කඳුල ඉතින් සමා වෙයන්....
කඳුල
ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න..//
කළු
වලාව නැඟෙන්න එපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද
කපා හඳ පායා
සඳ රැස් යහනට වඩින්න
සඳ එලියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
කඳුල
ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
මල්
දෙවැටේ වතුසුදු මල්
පිපේවී ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
මතු වෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවදක්
ගෙපැල දොරෙන් හමා එන්න
ඉඩ දීයන් වලා කුලේ
මගේ හීනයේ මල් පිපෙන්න
කඳුල
ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න
කඳුල
ඉතින් සමා වෙයන්
අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා
සිරි යහනේ තනි රකින්න…
youtube එකේ බලන්න

Comments
Post a Comment