මධුර යාමේ සුවදෙ සාමේ.. ( Madura Yame Suwade Same ) - ආර් මුත්තුසාමි ( R. Muththusamy ), සුජාතා අත්තනායක ( Sujatha Aththnayaka )

 මධුර යාමේ සුවදෙ සාමේ


මධුර යාමේ සුව දෙ සාමේ..
මධුර යාමේ සුව දෙ සාමේ..
සිනහා වීලා..එන්න රෑ මේ..
ප්‍රේම නදියේ පිහින පිහිනා..
එන්න රෑ මේ හෝ...

තරු සිනාසෙයි දෙනෙත පොපියයි
තරු සිනාසෙයි දෙනෙත පොපියයි
මසිත පිබිදී සතුට රජ වෙයි
ප්‍රේම නදියේ පිහින පිහිනා..
එන්න රෑ මේ හෝ...

සුසුදු හංසයො..විළෙහි සරතී..
රසය ඇති තැන් කොහෙද සොයතී..
සුසුදු හංසයො..විළෙහි සරතී..
රසය ඇති තැන් කොහෙද සොයතී..

දෑත විහිදා එන්න අඳුරේ..
උන්ව අල්ලා..ගන්න මිහිරේ..
අතට අත දී හිතට හිත දී
අතට අත දී හිතට හිත දී
රැල්ල විලසේ..එන්න පෙරළී
ප්‍රේම නදියේ පිහින පිහිනා..
එන්න රෑ මේ රෑ මේ හෝ..

සීත සුළඟේ..හමන පවනේ..
රෝස සුවඳයි ඔබගෙ සෙවනේ..
සීත සුළඟේ...හමන පවනේ..
රෝස සුවඳයි ඔබගෙ සෙවනේ..

හඳුන් දෙනුවන රස ගෙනාවේ..
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ..
ඈත සඳ ඒ බලනවානේ..
ඈත සඳ ඒ බලනවානේ..
ඉන්න හොඳ නෑ..යන්න ඕනේ..

ප්‍රේම නදියේ පිහින පිහිනා..
එන්න රෑ මේ හෝ...




Comments

Popular posts from this blog

හිමි සණරාමර ලෝක සිවංකර ( Himi Sanaramara ) - මාලනී බුලත්සිංහල ( Malani Bulathsinhala )

Goodness of God.....

Down on the Farm Song Lyrics - Tim McGraw