පුංචි දඟකාරියේ ( Punchi Dagakariye )- සේනානායක වෙරලියද්ද ( Senanayaka Weraliyadda )
පුංචි දඟකාරියේ...
පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දියතඹර
පෙති ගිලිහියේ.
කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනිබත් කලේ.
මනමාලියේ. මනමාලියේ. දඟකාරියේ.
බිඟු දබර කල සිතේ දිය බොර වෙලා.
විස බඹර තුඩු වලට පෙති ඇකිලීලා.
දෙකොපුල් රිදුණාද දඟකාරියේ.
දෙකොපුල් රිදුණාද දඟකාරියේ.
කියන් ළඳේ. මට රහසේ.
ඔබට මං පණ වගේ ආදරේ.
ඔබට මං පණ වගේ ආදරේ.
පෙම වහන් කල සිතේ නෙතු වැළපිලා.
විහඟ ගී රාවයෙන් තෙරපිලා.
සෙනෙහස ලැබුණාද දඟකාරියේ.
සෙනෙහස ලැබුණාද දඟකාරියේ.
කියන් ළඳේ. මට රහසේ.
ඔබට මං පණ වගේ ආදරේ.
ඔබට මං පණ වගේ ආදරේ.
පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයූ
කිමද රණ තිසර දියතඹර
පෙති ගිලිහියේ.
කවුරුන්ද මල් වයසේ මගෙ යහන ගිනිබත් කලේ.
මනමාලියේ. මනමාලියේ. දඟකාරියේ.
ආ.
ඔබට මං පණ වගේ ආදරේ...

Comments
Post a Comment