පුර පෝය හඳට ( Pura Poya Hadata ) - සුනිල් එදිරිසිංහ ( Sunil Edirisinghe )
පුර පෝය හඳට
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් සිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වළාවෙි
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
සුනිල් එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය කීර්තිමත් ගායන ශිල්පියෙකු වන අතර ඔහුගේ සුවිශේෂී දක්ෂතාවයෙන් සහ සිත් ඇදගන්නාසුළු කටහඬක් ඇත. දශක කිහිපයක වෘත්තීය ජීවිතයක් සමඟින්, සුනිල් එදිරිසිංහ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබා ඇත. ඔහු සම්භාව්‍ය හා සම්ප්‍රදායික සිංහල ගීත පිළිබඳ ඔහුගේ ආත්මීය අර්ථකථනයන් සඳහා පුළුල් ලෙස හඳුනාගෙන ඇත, ඔහුගේ පොහොසත් හා මධුර කටහඬින් ප්‍රේක්ෂකයින් වසඟ කරයි.
youtube එකෙන් බලන්න

Comments
Post a Comment